Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Read more
:Avatar 2 එන්නත් කලින් හුගාක් අය කියන්න පටන්ගත්තා මේක නම් අසාර්ථක වෙයි, Avatar 1 වගේ නම් වෙන්න බෑ කියලා..ඒ වගේම හුගාක් අය හිතුවේ ෆිල්ම් එක ෆ්ලොප් වෙලා Avatar 1 වගේ ඩොලර් බිලියන 2 පහු කරන්න බැරිවෙයි කියලා..ඒත් ඒ හැම තර්කයක්ම බිද දමමින් ජේම්ස් කැමරන්ගේ Avatar : The way of water චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක අගයක් වාර්තා කරමින් ඉතාමත් සාර්ථක විදිහට තවමත් තිරගත වෙනවා ලෝකේ පුරාම.. දැනට ලෝකයේ 7වෙනියට වැඩිම ආදායමක් ගත්ත ෆිල්ම් එක බවට ඊයේ දවස වෙනකොට පත්වුණා.. 😎
ඒ අනුව ජේම්ස් කැමරන්ගේ ඩොලර් බිලියන 2 පසු කල තෙවන චිත්‍රපටය විදිහට මේක ඉතිහාසයට එකතුවුණා..
1) Titanic 1997
2) Avatar 2009
3) Avatar 2022
ෆිල්ම් එකේ කතාව කියන්න යන්නේ නෑ එකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා. ඒ වෙනුවට මං ඔයාලට ඒ ගැන විස්තර ටිකක් විතරක් කියන්නම්..
Avatar 2 කතාව දිගහැරෙන්නේ Avatar 1 කතාවෙන් අවුරුදු කිහිපයකට පස්සේ.. මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් ජේක් සලී සහ නෙටීරි ළමයි 4දෙනෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නවා..
නෙටේයම් – ජේක් සහ නෙටීරිගේ ලෙයින් ඉපදුණු පළවෙනි දරුවා. පිරිමි ළමයෙක්.
කීරි – පළවෙනි චිත්‍රපටියේදී මැරුණ විද්‍යාඥවරිය ග්‍රේස් ඔගස්ටින්ගෙ ඇවටර්ගෙන් ඉපදුණු ජේක් හදාවඩා ගන්න ගැහැණු ළමයා.
ලො’අක් – ජේක්ගේ දෙවෙනි පුතා
ටුක්ටේරි – ජේක්ගේ දුව.
මීට අමතරව ස්පයිඩර් කියලා මිනිස් පිරිමි ළමයෙකුත් මේ ළමයි එක්ක එකට ජීවත්වෙනවා.
මේකෙදී පැන්ඩෝරාවේ කොළ පාට වනාන්තර වලින් එහා නිල්පාට ලෝකයක් දැකගන්න ඔයාලට පුළුවන්.. නමේ හැටියටම වතුර සම්බන්ධ වෙනවා කතාවට..මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි.. අලුත් නාවි ජන කොටසක් වෙන මෙටකයිනා මුහුදු ජනතාවත් දකින්න පුළුවන්..
Avatar: The Way of Water (2022) - Cast & Characters
Actor | Character |
---|---|
Sam Worthington | Jake Sully |
Zoe Saldaña | Neytiri |
Sigourney Weaver | Kiri |
Stephen Lang | Colonel Miles Quaritch (Recombinant) |
Kate Winslet | Ronal |
Cliff Curtis | Tonowari |
Britain Dalton | Lo’ak |
Trinity Jo-Li Bliss | Tuk |
Jamie Flatters | Neteyam |
Jack Champion | Spider |
Bailey Bass | Tsireya |
Filip Geljo | Aonung |
Duane Evans Jr. | Rotxo |
Brendan Cowell | Captain Mick Scoresby |
Jemaine Clement | Dr. Ian Garvin |
Giovanni Ribisi | Parker Selfridge (Cameo) |
CCH Pounder | Mo'at |
Matt Gerald | Corporal Lyle Wainfleet |