Kraven the Hunter (2024) Sinhala Subtitles | “දඩයක්කාරයා” | සිංහල උපසිරැසි සමඟ

Kraven the Hunter (2024) Sinhala Subtitles | “දඩයක්කාරයා” | සිංහල උපසිරැසි සමඟ

0
Comentarios
Last updated marzo 23, 2025

Leer más

:
my template

 Kravan The Hunter කියන්නේ සෝනිලගේ ස්පයිඩර් මෑන් යුනිවර්ස් එකට අයත් සිනමාපටයක් බව ඔයාලා දන්නවනේ. ඉතිං මේ යුනිවර්ස් එක යටතේ චිත්‍රපට 6ක් නිකුත් උනත් වෙනම් හැරෙන්න අනිත් ෆිල්ම් ටිකනම් අති අසාර්ථක උනා. ඒකට හේතුව ගොඩක් ෆිල්ම් වල තිබුන තිර රචනයේ තිබුන අඩුපාඩු බව කියන්නම ඕන. ඒ නිසා සෝනිලා මේ යුනිවර්ස් එක නිළ වශයෙන්ම අවසන් කරලා දාපු බවත් Kravan The Hunter කියන්නේ මේ යුනිවර්ස් එකේ අවසාන චිත්‍රපටය බවත් ඔවුන් පසුගිය දවසක ප්‍රකාශ කලා.


Kravan The Hunter මේ වෙද්දි 5.4ක IMDb අගයක් සහ 60%ක ගූගල් පරිශීලක මනාප ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ All Is Lost (2013), A Most Violent Year (2014), Triple Frontier (2019) වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු J. C. Chandor විසින්. මාවල් සිනමා විශ්වයේ පියෙත්‍රෝ මැක්සිමොෆ් නොහොත් කුවික්සිල්වර් විදියට ප්‍රසිද්ධ Aaron Taylor-Johnson සර්ගෙයි ක්‍රැවිනොෆ් හෙවත් ක්‍රේවන් ද හන්ටර් ලෙසත්, Ariana DeBose කලිප්සෝ ලෙසත්, Fred Hechinger දිමිත්‍රි ක්‍රැවිනොෆ් හෙවත් කැමිලියොන් ලෙසත්, සුපිරි නළු Russell Crowe නිකොලායි ක්‍රැවිනොෆ් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ක්‍රේවන්ගේ සතුරන් විදියට Alessandro Nivola රයිනෝ ලෙසත්, Christopher Abbott ෆොරීනර් ලෙසත් එක් වෙනවා.


ලෝකයේ පරිපූර්ණම දඩයක්කරුවා නොහොත් ක්‍රේවන් ද හන්ටර් කියන්නේ මාවල් කොමික් වල ඉන්න සුපිරි දුෂ්ටයෙක්. කොමික් ලෙජන්ඩ් ස්ටැන් ලී සහ ස්ටීව් ඩිට්කෝ විසින් නිර්මාණය කරපු මේ චරිතය ප්‍රථම වතාවට පෙනී හිටියේ 1964 අගෝස්තු මාසයේ නිකුත් උන The Amazing Spider-Man #15 කලාපයෙනුයි. ඒ කලාපයෙදී ක්‍රේවන් Spider-Manගේ සතුරෙක් විදියට පෙනී හිටියා. ක්‍රේවන්ගේ ඉලක්කය තමයි ස්පයිඩර් මෑන්ව පරද්දලා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම දඩයම්කරුවා එයා බව ඔප්පු කරන එකයි. සාමාන්‍යයෙන් කොමික් වලදි ක්‍රේවන්ගේ චරිතය දැක්වෙන්නේ තමන් ගැන වගේම තමන්ගේ හැකියාවන් ගැන පුරසාරම් කියවන්න කැමති කෙනෙක් විදියටයි. ඒ වගේම තමන්ගේ විරුද්ධවාදීන්ව පරාජය කරනකන් ඔවුන්ව අවතක්සේරු නොකරන්නත් ක්‍රේවන් වග බලාගන්නවා.


ගොඩක් වෙලාවට ක්‍රේවන්ව දුෂ්ටයෙක් විදියට පෙන්නලා තිබුනත් එයා සමහර අවස්ථාවලදී ස්පයිඩර් මෑන් සහ ස්කුවිරල් ගර්ල් වගේ සුපිරි වීරයන් එක්කත් එකතු වෙලා වැඩ කරලා තියෙනවා. ක්‍රේවන්ගේ හැකියාවන් ගැන බැළුවොත් ඔහුට අධිමානුෂික ශක්තිය, දරාගැනීමේ හැකියාව, සුපිරි වේගය, තියුණු ගඳ සුවඳ දැනීමේ හැකියාව සහ වයසට නොයන ඉන්ද්‍රියයන් වගේ ශාරීරීක හැකියාවන් තියෙනවා. ඊට අමතරව ඔහුට සන්නද්ධ සහ නිරායුධ සටන්කිරීමේ පළපුරුද්දත්, විවිධ ආයුධ සහ උපකරණ හැසිරවීමේ හැකියාවත්, ඖෂධ වර්ග භාවිතය ගන හසල දැනුමකුත් තිබෙනවා. කැලෑවල තියෙන විවිධ ඖෂධ පැළෑටිවලින් හදාගන්න ඖෂධීය පාන නිසා ක්‍රේවන්ට අධිමානුෂික ශාරීරික හැකියාවන් ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයට වඩා සමහර තුවාල වලට ඉහළ ප්‍රතිරෝධයකුත් තියෙනවා. ක්‍රේවන් පානය කරන ඖෂධීය බෙහෙත් නිසා එයා බොහොම හෙමින් තමයි වයසට යන්නේ. ක්‍රේවන් අවුරුදු 70 පැනපු කෙනෙක් උනත් වයස අවුරුදු 30ක කෙනෙක්ගේ පෙනුම තමයි තියෙන්නේ. ඒ හැමදේටම වඩා ක්‍රේවන් කියන්නේ දක්ෂ දඩයක්කාරයෙක් බවත් කියන්න ඕන.


සාරාංශව කිව්වොත් ඔන්න ඕකයි ක්‍රේවන්ගේ කතාව. වෙබ් පිටපත් ඇවිල්ලත් කාලයක් වෙලා තියෙන නිසා තවත් පරක්කු කරන්න ඕන නෑ. චිත්‍රපටය කොහොම උනත් ඇරොන් ටයිලර්නම් ක්‍රේවන් චරිතයට උපරිම සාධාරණයක් කරන බව කියන්න ඕන. කොමික් වලට ආස අයට මේ සලරුව ආසාවෙන් බලයි කියලා හිතනවා.

 


IMDb RATING
5.4

Adults Only Warning
Mostrar todo Mostrar menos

Publicar un comentario